දේශීය පුවත්

රට සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම් බවත් එම නිදහස ලබාගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ජනතාවගෙන් හිමිවිය යුතු බවත් අගමැති මහින්ද රාජපක්ෂ පැවැසීය.

ඊයේ (6 වැනිදා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ‘මහින්ද මෙහෙවර කූටප්‍රාප්තිය කරා යුග යුග පවතින සමාජ සම්මුතියක් ගොඩනගමු’ මැයෙන් අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන දිවියට වසර 50ක් සැපිරීම නිමිත්තෙන් ​යුතුකම සංවිධානය විසින් පැවැත්වූ උත්සවයකදී හෙතෙම එසේ පැවසීය. 2015 වසරේදී රටේ සිදුවූ විශාලතම කුමන්ත්‍රණය සමග යුතුකම නමැති වචනයද සියලුම දෙනාට අමතක වී ඇති බවත් ඉතිහාසයේ කිසිම දිනක සිදුනොවූ ආකාරයට මෙරටට විදේශීය රටවල අතපෙවීම් සහ මැදිහත්වීම් එම කාලවකවානු​වේ සිදුවූ බවත් අගමැතිවරයා එහිදී කීවේය.

අගමැති මහින්ද රාජපක්ෂ දේශපාලන ජීවිතයට 50 වසරක් සැපිරීම වෙනුවෙන් පැවැති මෙම උත්සවයේදී යුතුකම ජාතික සංවිධානය විසින් ශක්ති සම්පන්න රාජ්‍යයක් අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා’ නමින් යෝජනාවලියක්ද අගමැතිවරයාට පිළිගන්වනු ලැබීය. මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙලෙස පැවැසීය.

” මේ ජයග්‍රහණය ඉදිරියට ගෙනියන්න නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න වෙනවා. ඒකටයි අපි ජනතාවගෙන් තුනෙන් දෙකේ බලය ඉල්ලන්නේ. තුනෙන් දෙකේ බලය අපට ලැබුණේ නැත්නම් එහෙම, ‘සැලුන් දොර’ක් වෙනවා පාර්ලිමේන්තුව. අපට අවශ්‍ය අයයි අනවශ්‍ය අයයි දෙගොල්ලොම රඳවා ගන්න වෙනවා. අද වෙනකොට ජනතාව ඒ ජයග්‍රහණය අපට ලබාදීලා තියෙනවා කියලා මම දන්නවා. එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොට දෙකට බෙදිලා. ඒ පක්ෂයේ ගැටුම් උග්‍ර වෙලා. වෙලාවකට අපට හිතෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂය එක්ක තිබුණු තරහටද කියලා මේ පක්ෂෙට මෙහෙම වුණේ.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ උදේ සිට රාත්‍රි වෙනතුරු ඉතා දක්ෂව වැඩ කළ හැකි නායකයෙක්. එතුමාට වැඩ කිරීමේ හැකියාව තියෙනවා. අදටත් එතුමාට වැඩ කරන්න දීලා අපි දේශපාලනය කරනවා. රනිල් වික්‍රමසිංහගෙයි මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්ඩුව කැඩිලා ගියේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් පරස්පර විරෝධි වුණ නිසා. ඔවුන් දෙදෙනාගේ විරසකය නිසාම රට අවුලෙන් අවුලට පත්වුණා. රටට කිසිම වැඩක් වුණේ නෑ. අපිට ශක්තිමත් වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වෙනුවෙන් අප වැඩ කරනවා. රට වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒ සඳහා ජනතාව​ගේ සහය ලැබෙනවා කියලා අප දන්නවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More