පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් කොස්තාපල් ජීවක අරුණ පෙරේරා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර හෙවත් වෙලේසුදා අතර ඇති වූ සංවාදයක හඬ පටයක් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට ඊයේ (06වැනිදා) ඉදිරිපත් කරන ලදී.
එම හඬ පටයේ මුල් පිටපත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි ජගත් රෝහණ විසින් කොමිසමට ඉදිරිපත් කරන ලදී.
වෙලේසුදා අතර සංවාදයක නියැළෙන හිටපු පොලිස් කොස්තාපල්වරයා, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවක සැකකරුවකු ද වන බව ජගත් රෝහණ කොමිසම හමුවේ පැවැසීය.
අදාළ හඬපටය ඇතුළත් සංයුක්ත තැටිය, ජනාධිපති කොමිසමේ ආරක්ෂිත සේප්පුවේ තබන ලෙස සභාපති විනිසුරුවරයා නියෝග කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...