දේශීය පුවත්

ඉන්දියාව කේන්ද්‍රකරගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය පාකිස්තාන් ත්‍රස්ත සංවිධානයක් සමග ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වන බවට තොරතුරු ලැබීමත් සමග මෙරට සිටින සැකකටයුතු පාකිස්තාන් හා ඉන්දියන් ජාතිකයන් ගැනද අවධානයෙන් සිටින ලෙස ආරක්ෂක අංශවලට නියෝග ලැබී ඇත.

ඉන්දියාවේදී එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් එය ශ්‍රී ලංකාවටද තර්ජනයක් විය හැකි බව මෙරට බුද්ධි අංශ අනතුරු හඟවා ඇත.

මේ අනුව මෙරට සිටින සැකකටයුතු ඉන්දියානු හා පාකිස්තානු ජාතිකයන් කෙරේ අවධානය යොමු කරන ලෙස බුද්ධි අංශවලට උපදෙස් ලැබී තිබේ.

දකුණු ආසියාවේ ඇති සක්‍රිය සටන්කාමි සංවිධානයක් වන පාකිස්තානය කේන්ද්‍ර කරගත් ලෂ්කාර්-ඊ-ටයිබා සංවිධානයේ සාමාජිකයන් හා ඩාවුඩ් ඊබ්‍රාහිම් කල්ලියෙ තර්ජනයක් ගැන විදෙස් බුද්ධි අංශ අනතුරු හඟවා තිබිණි.

මෙම අනතුරු හැඟවීම් අතරතුර මෙරට කතෝලික දේවස්ථානවල දේවමෙහෙයන් පැවැත්වෙන ඉරිදා උදෑසන 6.00 සිට එය අවසන් වන තුරු විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමටද නියෝග කර ඇත.

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More