දේශීය පුවත්

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් 05 දා රාතී‍්‍ර කොටි ත‍්‍රස්තවාදී සංවිධානයේ කළුකොටි දිනය සැමරීමේ උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී සංවිධානය කි‍්‍රයාත්මකව පැවති වකවානුව තුළ ජුලි 05 වැනිදා එම සංවිධානය විසින් කළුකොටි දිනය වශයෙන් නම් කොට තිබේ. ඒ අනුව එම ත‍්‍රස්ත සංවිධානය ක‍්‍රියාත්මක වූ වකවානුව තුළ සෑම වසරකම මෙම දිනය සැමරීම සිදු කොට තිබේ.

කොටි සංවිධානයේ සිටි ත‍්‍රස්තවාදියකු 1987 වසරේ ජුලි මස 05 වැනිදා මිය ගොස් ඇති අතර එම ත‍්‍රස්තවාදියා සැමරීම ස`දහා එවකට කොටි සංවිධානය විසින් මෙම සැමරුම් උත්සවය පවත්වා එදින කළුකොටි දිනය වශයෙන් නම් කොට තිබේ.

ඒ අනුව මෙරට තහනම් ත‍්‍රස්තවාදී සංවිධානයක් වන කොටි සංවිධානයේ මෙම කළුකොටි දිනය වෙනුවෙන් උත්සව සංවිධානය කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කීපයක් විසින් එම දිනය සමරා තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් මෙහිදී මියගිය කළුකොටි සාමාජික සාමාජිකාවන්ගේ ඡුායාරූපවලට ඉටිපන්දම් දල්වා මල් තබමින් මියගිය පිරිස සිහිපත් කොට තිබේ.

p1 4

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More