දේශීය පුවත්

පසුගිය යහපාලන රජය විසින් අටවා තිබෙන බිම් බෝම්බ ගලවා දැමීමට සූදානම් බවත්, එම බිම් බෝම්බ ඉවත් කරන ක්‍රමවේදය දන්නා බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා පවසනවා. එම බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු බැවින් ඒ සඳහා සුදුසු බෝම්බ නිෂ්ක්‍රීය කරන පුද්ගලයන් පිරිසක් පාර්ලිමේන්තුව පත්කර එවීම ඡන්දදායකයන්ගේ වගකීම බවයි ඇමතිවරයා පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ මාතර නූපේ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වීරවංශ ඇමතිවරයා සඳහන් කළේ පොලීසිය මහ බැංකු හොරුන්ගේ සෙල්ලම් පසෙක තබා ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සෙල්ලම් කිරීමට පටන් ගෙන ඇති බවයි. තරග පාවාදීම් සිදුවූයේ නම් අදාල කාලයේදී ඒවා පිළිබඳව පරීක්ෂණ සිදු නොකර වසර ගණනාවකට පසුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම කාලය කා දැමීමක් ලෙසයි ඔහු සඳහන් කරන්නේ.

ඒ නිසා මෙවැනි සෙල්ලම් නවත්වා බැඳුම්කර වංචාව වැනි මහා පරිමාණයේ හොරකම්, වංචා සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කර මහජන මුදල් හොරකම් කළ කම්බ හෙරුන් නීතිය ඉදිරියට පමුණවන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද වීරවංශ මහතා අවධාරණය කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More