දේශීය පුවත්

මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

කළුතර සහ වාද්දුව ප්‍රදේශවල පැවැති ජනහමුවලට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඇතැම් පිරිස් පක්ෂය කඩා වැටී ඇති බවට ප්‍රකාශ කළත් එවැන්නක් සිදුවී නොමැති බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය. යම් පසුබෑමක් තිබුණත් පක්ෂයට අනාගතයක් තිබෙන බවත්, ඉදිරියේදී තමන් පක්ෂයේ අනුශාසකවරයෙක් ලෙස සිටිමින් පක්ෂයේ භාරකාරත්වය තරුණ පරපුරට භාරදෙන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම ජනහමුවලදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසුවේය.

මේ මැතිවරණයේදි විපක්ෂයට ඡන්දයක් පාවිච්චි කරනවා කියන්නේ ප්‍රධාන වශයෙන්ම රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමට ශක්තිය ලබා දෙනව කියන එකයි. ජනාධිපතිවරයා එක් පක්ෂයකුත් රටේ අගමැතිවරයා තවත් පක්ෂයකිනුත් පත් වුණොත් හේ රට සම්පූර්ණයෙන්ම දේශපාලන අර්බුදයකට ලක් වී රටේ කුඩුකාරයන්, ස්ත්‍ර්‍රී දූෂකයන්, සල්ලායන් අපරාධකාරයන් ඇති වී රටේ ඇතිවන දේශපාලනික, ආර්ථික හා සමාජයීය යන තුන් වැදෑරුම් පරිහානියක් මෙමගින් රට දිනෙන් දින විශාල පරිහානියකට යන එක වළක්වන්න බැහැ.

මම ජනාධිපති ධුරය දරපු අවුරුදු පහකට ආසන්න කාලයක් මම ඒ අමිහිරි අත්දැකීම ලැබුව නිසයි මම මෙහෙම කියන්නේ. මම අගමැති රනිල් සමගත් යහපත් අයහපත් මතවාද ප්‍රතිපත්ති හා යෝජනා සම්බන්ධයෙන් වරින්වර ගැටුම් හා අර්බුද ඇතිවූ බව රටම දන්නා නොරහසක්. අගමැතිවරයා හැදුවේ එයාට ඕන විදියට මාව නටවන්නයි. නමුත් ඒක එයාට කරන්න බැරිවුණා. මම මට ඕන විදියට එයාව නැටෙව්වා. රට තුළ ඇතිවූ මේ දේශපාලන අර්බුදය හමුවේ සිදුවෙන්ට ගිය මහා විනාශයෙන් රට ගොඩගන්න තමයි මං ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ ඉවත් කරලා මහින්ද රාජපක්ෂ රටේ අගමැති පුටුවේ වාඩි කෙරෙව්වෙ.

අඩුම වශයෙන් කළුතරින් තුන්දෙනෙක්වත් මේ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. අපි නොමිනේෂන් ලිස්ට් හදද්දී කළුතරින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික අපේක්ෂකයන්ගේ නම් ඉවත් කරලා තිබුණා. මම මේ ගැන ජනාධිපති සමග කතා කරහම එතුමා මට දුරකථනයෙන් පැහැදිලිවම කිව්වේ ඒක ගැටලුවක් කරගන්න එපා. අපි දෙගොල්ලො සමගි සමාදානයෙන් එකතු වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙමු කියලා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More