දේශීය පුවත්

එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශයේ කටයුතු කළ ප‍්‍රබල කොටි ත‍්‍රස්තවාදියකු පෙරේදා (4වැනිදා) කිලිනොච්චිය අයියකච්චි ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී බෝම්බයක් සකසමින් සිටියදී එය පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම කොටි ත‍්‍රස්තවාදියාගේ තත්ත්වය බරපතළ වීමෙන් පසුව අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇත.

ඉකුත් 1993 වසරේදී පමණ එල්ටීටීඊ සංවිධානයට බැඳී ඇති කොටි සංවිධානය විසින් මේනන් යන නමින් හඳුන්වනු ලැබූ මෙම කොටි ත‍්‍රස්තවාදියා ටින් එකක පුපුරන ද්‍රව්‍ය අසුරා මෙම බෝම්බය සකස් කිරීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය සහ ආරක්‍ෂක අංශ සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිපිරීමෙන් පසු එම නිවසේ කුණු දමන වළකට විසිකර දමා තිබූ තවත් බෝම්බ දෙකක් සහ එල්ටීටීඊයේ කළු කොටි සැමරුම්වලට යොදා ගන්නා බැනරයක් ඇතුළු වයර් ආදී භාණ්ඩ කිහිපයක් ද සොයා ගැනීමට ආරක්‍ෂක අංශ සමත්ව තිබේ.

මොහු මෙම බෝම්බය සකස් කෙරුවේ කුමන කරුණක් නිසාදැයි මේ දක්වා අනාවරණය වී නැත.

පිපිරීම සිදුවන අවස්ථාවේ බිරිඳ ලෙස ඔහු සමඟ වාසය කළ කාන්තාවකද එම නිවසේ සිට ඇති අතර එම කාන්තාව කිලිනොච්චිය ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව උතුරේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ආරක්‍ෂක බුද්ධි අංශ මගින් පුළුල් විමර්ශනයක් අරඹා ඇති අතර යාපනය පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More