දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂය සමග දේශපාලන ඩීල් දමාගත් පොහොට්ටුවේ ඇතැමුන් මේ දිනවල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රසිද්ධියේ විවේචනය කරමින් යූ.එන්.පීයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර පැවසීය.

හෙතෙම මෙම අදහස් පළ කළේ ඉකුත් 06 වැනිදා කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක් වෙමිනි. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් දේශපාලනඥයන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයින් ට සිදුකරන මඩ ගැසීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

එහිදී දයාසිරි ජයසේකර මෙසේ ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපලනඥයින් බහුතරයක් දේශපාලනයේ ඉඳුල් කට ගෑවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පිංසිද්ධ වෙන්නයි ඔවුන් අද ඔය තැන්වල ඉන්නේ. නමුත් සමහරුන්ට ඒක මතක නැහැ. ඔවුන් අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සහ පක්‍ෂයේ නියෝජිතයින්ට නින්දා අපහාස කරමින් හරිම ලැජ්ජා නැති විදිහට හැසිරෙනවා.

මම පහුගිය දවසක දැක්කා ගම්පහ පැත්තේ කඳ බඩ ලොකුවට තියෙන හාදයෙක් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ගෑවුන කෙනකුටවත් ඡන්දේ දෙන්න එපා කියලා ජනතාවට කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉඳගෙන පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන අපි ගැනනේ ඒ කියන්නේ. ඉතිං මොකටද මේ වහෙන් ඔරෝ කතා කියන්නේ.

අද පොහොට්ටුවේ සමහරුන්ට එක්සත් ජාතික පක්‍ෂයත් සමග දේශපාලන ඩීල් එකක් තියෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකේ බලය නොලැබුණොත් එක්සත් ජාතික පක්‍ෂයත් ඈඳාගෙන ආණ්ඩු හදන්න සමහරුන්ට සිහින තිබෙනවා. අපිට මඩ ගහන්නේ ඒකයි. ඔවුන් මේ කරන්නේ යූ.එන්.පියේ කොන්ත්‍රාත් එකක්.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගැන ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට වත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට වත් ගැටලුවක් නැහැ. නමුත් පැත්තක ඉන්න සමහරුන්ට තමයි ලොකු අමාරුවක් හැදිලා තියෙන්නේ. ඒකයි මේ බොරුවට කෑ ගහන්නේ.

මාධ්‍ය හරහා හිටපු ජනාධිපතිතුමාව විවේචනය කරලා අපිට මඩ ගහලා ඔවුන් රටටම පෙන්නන්නේ තමන්ගේ අඳබාලකම හා දේශපාලන බංකොලොත්භාවයයි. කඳ බඩ ලොකුවට තිබුණට වැඩක් නැහැ ඔළුව ඇතුළේ මොළෙත් ටිකක් හරි තියෙන්න ඕන. ඒක නැති වුණාම තමයි මෙහෙම වැඩ කරන්නේ. මේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එහි නියෝජිතයන් විවේචනය කරමින් දේශපාලන පොරවල් වෙන්න පුළුවන් කියලා සමහරු හිතාගෙන ඉන්නවා. ලබන මැතිවරණයේදී රටේ ජනතාව ඔවුන් ගැන නිවැරදි තීන්දුවක් ගනීවි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More