දේශීය පුවත්

අත්අඩංගුවට පත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) නිලධාරීන් දොළොස් දෙනා හෙරොයින්වලට අමතරව අයිස් මත්ද්‍රව්‍ය අලෙවිය මෙන්ම පාතාලයට නවීන පන්නයේ පිස්තෝල ද සපයා ඇති බවට තොරතුරු ලැබී තිබේ.

මේ සම්බන්ධව ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මෙම සැකකරුවන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් විස්සක් විකුණා ඇතැයි අනාවරණය වී තිබේ.

මොවුන් කුඩු සමග රැගෙන ආ නවීන පිස්තෝල පාතාලයට ලබා දීම ගැනද විමර්ශන කටයුතු අරඹා ඇත.

බලපිටියේ ආරක්ෂක නිවස්නයක කුඩු සමග සඟවා තිබූ පිස්තෝල පහක් කොළඹට රැගෙන විත් ඉන් තුනක් කොට්ටාවේ රජිත නොහොත් ලොකූ නමැති බඩෝවිට කුඩු ජාවාරම්කරුවකට දී ඇතැයිද අනාවරණය වී තිබේ. මින් එක් පිස්තෝලයක් මෙම සිද්ධියට සැකපිට දැනට සොයමින් සිටින පොලිස් පරීක්ෂකවරයා විසින් පැන යන අවස්ථාවේ දමා ගොස් තිබියදී සොයා ගෙන ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් හොරෙන් විකිණූ ආන්දෝලනාත්මක කුඩු තොගය මුහුද මැදට ගොස් රැගෙන එද්දී කුඩු රැගෙන ආ ඉරාන ​ට්‍රෝලරය හා සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමත් අල්ලා ගත් කුඩු තොගය මාසයක් තිස්සේ දකුණේ නිවසක සඟවා තැබීමත් ගැන ද පුළුල් පරීක්ෂණයක් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇත.

නාවික හමුදාව අත්අඩංගුවට ගෙන රැගෙන විත් නඩු භාණ්ඩ ගබඩාවේ රැඳවීමට දුන් අයිස් තොගයේ වැඩිපුර තිබූ කිලෝ ග්‍රෑම් විස්සක් මෙසේ විකුණා ඇතැයි හෙළි වී තිබේ.

එම මත්ද්‍රව්‍ය නාවික හමුදාව විසින් තරාදිවලින් කිරා සටහන් කළ ගණනට වඩා කිලෝ ග්‍රෑම් විස්සක් වැඩිපුර ඇතැයි නාකොටික් ගබඩාවේ තරාදිවලින් කිරා බැලීමේ දී හෙළි වී ඇත.

මේ පිළිබඳව මීට පෙර අත්අඩංගුවට ගත් කුඩු විකුණූ නාකොටික් අංශයේ සැරයන්වරයාට දැන ගන්නට ලැබී එම කිලෝ විස්ස පොලිස් පරීක්ෂකගෙන් ලබාගෙන ගොස් විකුණා ඇතැයි දැනට කරන විමර්ශනවලින් හෙළි වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More