”ජාතිවාදීන්ගේ බළල් අතක් වූ සමගි ජන බලවේගය” යන්න මාතෘකා කර ගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේය.
එම නිවේදනයේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවේචනයන් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව, “සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, 2019 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට ‘ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු.’ යන මැයෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15-16 පිටුවල ‘ජනතාවගේ ව්‍යවස්ථාව’ පිළිබඳ පරිච්ඡේදයේ, පහත දැක්වෙන යෝජනා ඇතුළත් විය.
* ඒකීය රාජ්‍යය සංකල්පය අතහැර “නොබෙදුනු හා වෙන්කළ නොහැකි රාජ්‍යයක්” ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීම.
* මධ්‍යම ආණ්ඩුව සතු බලතල උපරිම ලෙස පළාත් සභා වලට බෙදා හැරීම.
2019 මුලදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතත්, සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ යෝජනාත් අතර කිසිදු වෙනසක් නැත.
මේ ආකාරයට රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂයක් එළිපිටම බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීම අතිශයින්ම බරපතළ කාරණයකි.
පටු ජාතිවාදයටත් කප්පම්කාරී දේශපාලනයටත් තිත තැබීම සඳහා ජනාධිපතිවරණයේදී දුන් ජනවරමටත් වඩා ප්‍රබල ජනවරමක් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට ලබාදෙන මෙන් මම සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමි.” යනුවෙන් අගමැතිවරයාගේ නිවේදනයේ සදහන් විය.
සම්පූර්ණ නිවේදනය Sinhala Samagi Jana Balawegaya
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...