දේශීය පුවත්

මහ බැංකු හොරුන්ගේ සෙල්ලම් පසෙක තබා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග කරන සෙල්ලම් නතර කර මහ බැංකුව කොල්ලකාපු රනිල් ඇතුළු හොරු ටිකයි පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තනුයි අල්ලා කූඩුවට දාන ලෙස වැඩබලන පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි.

මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මාතර නූපේ සණස ශාලාවේදී 03 දින පැවති ජනහමුවකට එක්වෙමින් එලෙස පැවසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ක්‍රිකට් පාවාදීම් සිදුවූවානම් අදාල කාලයේ පරීක්ෂණ නොකර අද පරීක්ෂණ කර සිදුකරන්නේ කාලය කාදැමීමක්. එසේ නැතිව මහ බැංකු හොරුන්ට විරුද්ධ පරීක්ෂණ ටික කරන ලෙස අපි වැඩබලන පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

යහපාලන ආණ්ඩුව අටවපු බිම්බොම්බ ටික අපි ගලවන්නම්. අපි බිම්බොම්බ ගලවන හැටි දන්නවා. බිම්බෝම්බ නිෂ්ක්‍රීය කළ යුත්තේ නිෂ්ක්‍රීය අංශයක් මගින් අන්න එහෙම බෝම්බ නිෂ්ක්‍රීය කරන පිරිසක් පාර්ලිමේන්තුට යවන්න.

රටයි ජාතියයි පාවාදීල පිටරට පුටුවලට ඉව අල්ලන මංගලලා වගේ ප්‍රේතයෝ, පිසාචයෝ, කුම්භාණ්ඩයෝ පාර්ලිමේන්තුවට යවන්න එපා. රනිල් මහත්තයා කියනවා දෙවැනි කොරොනා රැල්ල පාලනය කරන්න එයාට දෙන්නලු. අන්න නියම බඩුව. එයා හිටියානම් දෙවැනි
කොරොනා රැල්ලත් එනවා තමයි. මතක නේ පාස්කු ප්‍රහාරයේදී බඩුදෙක එක්ක කරපු දේ. අද මේ රටට නායකත්ය දෙන්නේ කිසිම පක්ෂයක නායකයෙක් නොවෙයි. ජාතික නායකයෙක්. ඒ නිසා රටේ ප්‍රශ්න වලට හොඳින්ම මුහුණ දෙනවා.

නාවික හමුදාවට කොරෝනා හැදුවේ ගොඨාභය රාජපක්ෂලු. කවුද? මෙහෙම කියන්නේ ටිල්වින් සිල්වා. ගෝඨාභය රාජපක්ෂ නාවික හමුදාවට කොරෝනා හදන්නං එයාට හැදිලා තියෙන්න ඕන. මේ මිනිහා මේ කතාකරන්නේ මොනවා දැනගෙනද? කියන්න දෙයක් නැතිකමට ඔහේ කියවනවා.

රටේ අද තියෙන අලුත්ම දේ තමයි නාකොටික් සමාගම. පොලිස් රාලහාමිලා කෝටිපතියෝ වෙලා. කුඩු ටිකක් ඇල්ලුවාම ටිකක් ගෙනැත් නඩු දානවා. ටිකක් විකුණාගන්නවා. බලාගෙන ඉද්දි කෝටිපතියෝ වෙනවා. දැන් ඒවට ඉඩක් නෑ ඔන්න බුරුතු පිටින් අහුවෙනවා. මේවා කලින් තිබුනාද? ඔය ඉල්ලන හාදයොන්ට ඡන්දය දෙන්න කලින් මේවා ගැන ජනතාව හොඳින් සිතා බැලිය යුතුයි.

නැතිනම් මේ යන ගමනට වෙන්නේ මොකක්ද?. අපි ගොඩනගමින් සිටින්නේ අලුත් කර්මාන්ත හදන යුගයක්. අපේ දේශීය කර්මාන්ත වලට මුල්තැන දෙන යුගයක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More