දේශීය පුවත්

සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය කන්නවල දී ඉහළ අස්වැන්නක් ලැබුණු බැවින් සහල් හිඟයක් මවාපෑමට දරණ උත්සාහයට ඉඩ නොදිය යුතු බව ගොවීන් පෙන්වාදුන්නේය.

පොදුජන පෙරමුණේ මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද (05) පෙරවරුවේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට එක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගොවීන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජය පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණය කිරීමටත්,  වී මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමටත් පියවර ගත් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ඉදිරියේදී වී ගොවියා ද රැකගනිමින් ගැටලුවක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර ඇත.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක පවතින ගුරු හිඟය සහ පාසල්වල අඩුපාඩු පිළිබඳ පොළොන්නරුවේ ජනතාව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර තිබේ.

ඒ පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල්වල පවතින අඩුපාඩුවල පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කුඩා පරිමාණව මැණික් ගැරීමේ නිරත ඇලහැර ජනතාවට පරිසරයට හානී නොවන අයුරින් සිය කර්මාන්තය කරගෙන යාමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More