දේශීය පුවත්

වැල්ලවත්ත, ඩබ්ලිව්. ඒ. සිල්වා මාවතේ රෙදිපිළි වෙළෙඳසැල් පෙළක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීමට සඳහා සේවා රථ 5 ක් පිටත් කර යැවූ බවයි.

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක් ද ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා තිබේ.

මේ හේතුවෙන් ගාලු පාරේ, දෙහිවල සිට කොළඹ දෙසට ගමන් කරන මංතීරුව, වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මංසන්ධියෙන් වසා දමා තිබේ.

පොලීසිය සඳහන් කළේ, රාම ක්‍රිෂ්ණ මංසන්ධියේ සිට ඩබ්ලිව්. ඒ. සිල්වා මංසන්ධිය දක්වා ගාලු පාරේ කොළඹ දෙසට පැමිණෙන මංතීරුව එලෙස වසා දමා ඇති බවයි.

කොළඹ දෙසට පැමිණෙන වාහන සමුද්‍රාසන්න මාවත ඔස්සේ ගමන් කළ යුතු බව පොලීසිය පැවසුවේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More