අත්අඩංගුවට ගනු ලැබු හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා ඇප මත මුදා හැර තිබේ.
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අධිකරණය මඟහැරීමේ චෝදනාව මත වැල්වැටිතුරෛයි පොලීසිය විසින් අද (5) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.
2018 වසරේ නීති විරෝධී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශිවාජිලිංගම් මහතාට නොතීසි නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් එම නොතීසියට අනුව අධිකරණයේ පෙනී නොසිටි එම්.කේ.ශිවාජිලිංම් මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත.
එම්.කේ.සිවාජිලිංගම් මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දෙමළ ජනතා ජාතික සන්ධානය යටතේ තරග කරයි.
=======================================================
සිවාජිලිංගම් අත්අඩංගුවට
දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය විසින් අද (5) අත්අඩංගුවට ගෙන තිබේ.
පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුවකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.
2018.11.26 මහවිරු සැමරුමට සමගාමීව වැල්වැටිතුරෙයි තීරුවිල් ක්‍රීඩාංගණයේ දී කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා කේක් කැපීමට යාම සහ එය වැළක්වීමට ගිය පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම මත සිවාජිලිංගම් මහතාට එරෙහි විභාග වන නඩුවකට පෙනී නොසිටීම මත අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සිවාජිලිංගම් මහතා අද (5) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...