දේශීය පුවත්

ඩුබායිහි සැඟවී සිටින මෙරට ප‍්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසකට රුපියල් කෝටි ගණනින් මුදල් ලබාදී ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට පොළඹවාගෙන ඇත්තේ එම කාර්යාංශය මුළුමනින්ම අකර්මණ්‍ය කර සිය ජාවාරම් කරගෙන යෑමේ අරමුණින් බවට විශාල සැකයක් මතුවී ඇති බව උසස් පොලිස් නිලධාරීහු පවසති.

ඩුබායිහි සැඟවී සිටින මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන අන්නාසි මොරිල් සහ තවත් ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් එක්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අකර්මණ්‍ය කිරීමට මෙම සැලසුම ක‍්‍රියාත්මක කළ බවට විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් හෙරොයින් ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමෙන් පසු මේ වනවිට එම මත්ද්‍රව්‍ය නාශක අංශය මුළුමනින්ම අක‍්‍රිය තත්ත්වයට පත්ව ඇත.

මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන ඩුබායිහි සැඟවී සිටින ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රුපියල් බිලියන ගණනක් වටිනා හෙරොයින් තොග පිටින් ශ‍්‍රී ලංකාවට එවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද උසස් පොලිස් නිලධාරීහු පවසති.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පසුගිය වසරක පමණ කාලයේ සිට සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝ දහසකට අධික ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙසේ අත්අඩංගුවට ගත් හෙරොයින්වලින් වැඩි ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට එවා තිබුණේ ඩුබායිහි සිටින ප‍්‍රධානම මත්කුඩු ජාවාරම්කරු බව කියන අන්නාසි මොරිල් නමැත්තා විසින්ය.

මෙම වැටලීම දිගින් දිගටම ක‍්‍රියාත්මක වීම නිසා හෙරොයින් ජාවාරම්කරුවන්ට මරු පහරක් එල්ල වී තිබිණි. මේ හේතුව නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අඩපණ කර තම ජාවාරම සාර්ථකව කරගෙන යෑමට මෙම සැලසුම ක‍්‍රියාත්මක කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බව උසස් පොලිස් නිලධාරීහු සැක පහල කරති.

මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා මෙහි සත්‍ය අසත්‍යතාව සොයා ගැනීමට කටයුතු නොකළොත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ අරමුණු ඉෂ්ට වනු ඇතැයි ද එම නිලධාරීහු පවසති.

මෙරටට මත්ද්‍රව්‍ය තොග පිටින් එවීමේ ජාවාරම කාලයක් තිස්සේ කරනු ලැබුවේ ඩුබායිහි සැඟවී සිටි මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් නමැති පාතාල නායකයන් විසින්ය.

මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායි පොලිසියට කොටුකර දී ඩුබායිහි හෙරොයින් ජාවාරම මුළුමනින්ම සියතට ගෙන තිබුණේ අන්නාසි මොරිල් විසින්ය.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ ¥ෂිත නිලධාරීන් ඩුබායිහි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සමග සම්බන්ධතා පැවැත්වූවේ ද යන්න සොයා බැලිය යුතු බවත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් මෙම සැලසුම පිටුපස සිටින්නේ ද යන්න සෙවීම සඳහා වෙනම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු කියා සිටිති.

මෙවන් මුදලක් මෙරටට ලැබීම ගැන තොරතුරු රජයට වසන් වී තිබිණි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More