මෙරටින් වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් අතරින් මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 195 ක් දක්වා පහත බැස තිබේ.
මේ දක්වා මෙරටදී හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2,069 ක්. ඒ අතරින් 1,863 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ස`දහන් කරයි.
ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූවන්ගේ ප‍්‍රතිශතය සියයට 90 ඉක්මවා තිබේ. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ 11 ක් පමණි.
මේ අතර, වව්නියාව වේලාන්කුලම වන්නි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 152 දෙනෙකු අද සිය නිරෝධායනය අවසන් කර ගම්බිම් බලා පිටත්ව ගියහ.
විදෙස්ගතව සිට පැමිණ දින 14 ක නිරෝධායන කාල සීමාව අවසන් කළ එම පිරිස අතරට මහනුවර, මඩකලපුව, ගාල්ල, කොළඹ සහ අවට ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් ඇතුළත්.
ඔවුන් අද පී සී ආර් පරීක්ෂණයකට ද ලක් කිරීමෙන් අනතුරුව නිවෙස් බලා පිටත් කර යැවූ බවද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...