ද්‍රවිඩ ඩයස්පෝරා සංවිධාන විසින් උතුරේ ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන ද්‍රවිඩ කාන්තාවන් වෙනුවෙන් එවා තිබූ රුපියල් මිලියන 210 ක අති විශාල මුදලක් අතුරුදන්වීම ගැන රජයේ නිරීක්‍ෂණයට ලක් වී ඇත. තමිල් අරසු කච්චි පක්‍ෂය වෙත එවා තිබූ මෙම මුදල මෙරටට ගෙනවිත් ඇත්තේ හිටපු ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රීවරයෙකි.
ඩයස්පෝරා සංවිධාන විසින් මෙපමණ විශාල මුදලක් උතුරට එවා තිබූ බව යාපනයේ තමිල් අරසු කච්චි පක්‍ෂ කාන්තා සංවිධාන නායිකා විමලේශ්වරී නායගරාවන් මහත්මිය විසින් හෙළිකිරීම නිසා ඇයව එම ධුරයෙන් පහකර තිබේ.
ණය ගෙවා ගැනීමට නොහැකිවීම නිසා උතුරේ ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුල් හි කිහිපදෙනෙක් දිවිනසා ගැනීම නිසා එවැනි පවුල්හි කාන්තාවන් වෙනුවෙන් මෙම මුදල් එවා තිබිණි.
උතුරේ බුද්ධි අංශවලට ලත් තොරතුරුවලින් හෙළිවී ඇත්තේ එම ඩයස්පෝරා මුදල්වලින් කිසිදු මුදලක් ද්‍රවිඩ කාන්තාවන්ට ලැබී නැති බවයි.
මෙම රුපියල් මිලියන 210 ක මුදල මෙරටට ලබා දී ඇත්තේ කොටි හිතවාදී සංවිධාන බවට බුද්ධි අංශ සැක කරයි.
මෙවන් මුදලක් මෙරටට ලැබීම ගැන තොරතුරු රජයට වසන් වී තිබිණි.
දිවයින ඉරිදා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...