දේශීය පුවත්

ශ්‍රී ලංකාවට එරෙහිව ආක්‍රමණ 17ක් සිදු වූවත් ඒ එකකදීවත් රට යටත් කර ගැනීමට ආක්‍රමණිකයාට නොහැකි වූ බවත් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනාධිපති මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටියේ  ඊයේ (04) ඇසළ පුන් පොහෝදින උදෑසන තංගල්ල කාල්ටන් නිවසේදී පැවැති අමාදම් සිසිල මාසික ධර්ම දේශනාවට සහභාගී වෙමිනි .

රට හැම විටම ආක්‍රමණිකයාට පාවා දුන්නේ ගිවිසුම් මඟින් බවත් මේ නිසා ශ්‍රී ලංකාව සමඟ විදේශ බලවේග අත්සන් කිරීමට සුදානම් වන ගිවිසුම් පිළිබඳව මහජනතාව සැම විටම අවධානයෙන් සිටිය යුතු බවද උන්වහන්සේ සඳහන් කර සිටියේය.

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ රට තුළ දැඩි කතාබහක් පවතින මේ අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ පළ කිරීමද විශේෂත්වයක් වන අතර බුදුන් දවස දේශනාකළ මහා ගෝපාලක සූත්‍රය අභයතිස්ස හිමියෝ මෙම ධර්මදේශනාවට පාදක කර ගත්හ.

සම්පූර්ණ ධර්ම දේශනාවට මෙතනින් පිවිසෙන්න

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More