දේශීය පුවත්

මීට වසර දෙකහමාරකට පෙර වසා දැමුණු ලංකා පිඟන් සංස්ථාවට අයත් මහියංගණ උඵ කර්මාන්ත ශාලාව විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත නිෂ්පාදන කටයුතු සඳහා විවෘත කිරීමට හැකි වූ බව එම සංස්ථාවේ සභාපති, ජූඞ් ප්‍රනාන්දු මහතා පවසයි.

කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය 02 වැනිදා ඇරඹී ඇති අතර අද (04) උදෑසන එම වැඩ කටයුතු ඇරඹුණු කර්මාන්ත ශාලා පරිශ්‍රය කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

දිනකට උඵ 17,500ක් නිපදවීමේ ධාරිතාවකින් යුත් යන්ත්‍රසූත්‍ර මෙම කර්මාන්ත ශාලාව සතුව තිබුණු බවත් එවකට 250කට අධික සේවක පිරිසක් සේවය කළ බවත් පෙන්වා දුන් සභාපතිවරයා, “මහියංගණ උඵ” ශ්‍රී ලංකාවේ හොඳම උළු ලෙස එකල විරුදාවලිය ලබා තිබූණු බවත් මෙහිදී සිහිපත් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් දේශීය කර්මාන්තයන්ට පණ දෙමින්, කර්මාන්ත පුනරුද යුගයක් කරා මේ රට ගෙන යාමට වත්මන් කර්මාන්ත අමාත්‍යවරයා ගන්නා බලවත් උත්සාහය තුළ මෙම “මහියංගණ උඵ යෝධයාට” යළි පණ දීමට ලංකා පිඟන් සංස්ථාවට හැකිව ඇති බව ද ජූඞ් ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

Image may contain: 4 people, people standing and indoor

Image may contain: 6 people, people standing

Image may contain: 4 people, outdoor



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More