දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවිය හැකි අවදානම් ස්ථාන හතරක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට අනතුරු අගවා ඇත.

ගුවන්තොටුපල, බස් රථ හා දුම්රිය සේවාවන්, පාසල් හා මැතිවරණ සමය මෙම අවදානම් ස්ථාන හතර ලෙස හඳුන්වා දුන් බව සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතාවේදී සමාජ දුරස්ථභාවය ගැන කිසිදු අවධානයක් නොදක්වන බව පෙනී යන්නේ යැයි ද ඔහු කීය.

මේ තත්වය යටතේ කොරෝනා දෙවෙනි රැල්ලක් ආරම්භ වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් ආසන්න බව පෙනී යන බවද ඔහු සදහන් කළේය.

කොරෝනා පාලනය කළ රටවල් අතර ලංකාව මුල් ස්ථානයට පත්ව ඇත්තේ ඒ සඳහා කල කැපවීම නිසා බවද කී ඔහු කොරෝනා දෙවැනි රැල්ලක් ඇති නොවීම සඳහා ද කැපවීමක් අවශ්‍ය යයි කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More