දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණයෙන් පසු අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී මෙරට කැබිනට් ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් අමාත්‍යවරුන්ට සමාන්තරව රාජ්‍ය අමාත්‍යවරුන්ට ද එකවර ගැසට් මගින් විෂය කාර්යයන් පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

එවිට රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය කාර්යයන්ට කැබිනට් අමාත්‍යවරුනට කිසිසේත්ම ඇඟිලි ගැසීමට හෝ පාලනය කිරීමට අවස්ථාව නොලැබේ.

ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබුවේ පසුගිය වර කැබිනට් ඇමැතිවරුන් ලවා රාජ්‍ය ඇමැතිවරැන්ගේ විෂයන් ගැසට් කරවීමට ගත් උත්සාහය එතරම් සාර්ථක නොවීම නිසාය. ඒ අවස්ථාවේ බොහොමයක් කැබිනට් අමාත්‍යවරුන් විෂයන් නිසි ලෙස රාජ්‍ය ඇමැතිවරුනට පැවරුවේ නැත. පවරන ලද විෂයන්ටත් තමන් කැබිනට් ඇමැති යැයි පවසමින් පසුව ඇඟිලි ගැසීමට යාමෙන් විවිධ පරිපාලන ප්‍රශ්න ද හටගැනිණ.

නව කැබිනට්ටුව පත් කිරීමේදී දැනට විසිරී ඇති අමාත්‍ය විෂයන් එක්කොට නව අමාත්‍යංශ ගණනාවක් සංවිධානය කෙරේ. උදාහරණ ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු එක් අමාත්‍යංශයක් යටතට ගොනු කෙරේ. ඒ සමඟ කැබිනට් අමාත්‍යවරයාට එම විෂයෙන් කොටසකුත් රාජ්‍ය ඇමැතිවරුන් ගණනාවකට වෙනම විෂයනුත් පැවරෙනු ඇත. ඒ ආකාරයට තවත් අමාත්‍යංශ ගණනාවක් ඒකාබද්ධ කොට විෂය පථයන් පැවරීමට අවශ්‍ය මූලික විධිවිධාන මේ වන විටත් සකස් කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. මෙම වෙනස්කම් අනුව කැබිනට් අමාත්‍යවරුන්ට සිය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය කාරණාවලට අදාළ වගකීම් පුළුල් වශයෙන් පැවරීමට රජය අදහස්කරන බව වාර්තාවෙයි.

Deshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More