දේශීය පුවත්

රජය ධාන්‍ය ආනයනය කිරීම නතර කර ඇති බැවින් ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව ගොවී ජනතාවට උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් බඩ ඉරිඟු, උඳු,  මුං, කවුපී, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන ලෙස ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහ මැතිවරණයට තරඟ වැදී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු සදහා ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊයේ (3) සිදුකළ චාරිකාවේ දී මේ බව ප්‍රකාශ කර තිබේ.

නිසි කලට පොහොර සහ ජලය ලැබෙන්නේ නම් බාධාවකින් තොරව වගාවේ නිරත විය හැකි බව ගොවීන් ජනාධිපතිවරයාට පවසා ඇති අතර කාබනික පොහොර භාවිතයට වැඩි වශයෙන් යොමුවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

හොරොව්පතාන පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  වැඩබලන විදුහල්පතිවරු මුහුණ පා ඇති ගැටළු විසඳීමට පියවර ගන්නා ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More