පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ (03) දින වන විට පැමිණිලි 76ක් ලැබී ඇති අතර, පුද්ගලයන් 98 දෙනකු සහ වාහන 24ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මැතිවරණයට අදාළව පෙරේදා (02) දින පමණක් අපරාධමය පැමිණිල්ලක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 08ක් වාර්තා වී ඇති අතර, ආධාරකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විට මැතිවරණයට අදාළ සම්පූර්ණ සිදුවීම් ලෙස මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 18ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 58ක් වාර්තා වී ඇති අතර, අපේක්ෂකයන් දෙදෙනකු සහ ඔවුන්ගේ ආධාරකරුවන් 96 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ සිදුවීම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු ද මේ වන විට සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...