දේශීය පුවත්

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපතිවරයා තමන්ට මුදල් ලබාදුන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක රාජිත සේනාරත්න කියා සිටියා.

මුදල් සහ බලය වෙනුවෙන් සිය ප්‍රතිපත්ති පාවා දුන්නේ විජේදාස රාජපක්ෂ බවත් තමන් මුදලට හෝ බලයට තමන්ගේ ප්‍රතිපත්ති පාවා දී නැති බවත් රාජිත සේනාරත්න සඳහන් කළා.

2015.06 14 දින ලක්ෂ 50ක චෙක්පතකුත්, 2015.07.08 දින ලක්ෂ 50ක චෙක්පතකුත්, 2016.08.11 දින ලක්ෂ 50ක චෙක්පතකුත් හා ඉතිරි ලක්ෂ 50 මුදලිනුත් රාජිත සේනාරත්න වෙත ඇවන්ට්ගාඩ් සමාගම විසින් ලබා දී ඇති බව චෙක්පත් හා බැංකු වාර්තා උපුටා දක්වමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙන්වා දුන්නා.

ඒ අනුව රාජිත සේනාරත්න රුපියල් ලක්ෂ 200ක මුදලක් ඇවන්ට්ගාඩ් සමාගගෙන් ලබා ගෙන ඇති බවට විජේදාස රාජපක්ෂ චෝදනා කර තිබුණා.

මෙම චෝදනාවට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න කියා සිටියේ විජේදාස රාජපක්ෂගේ “ජනාධිපති නීතිඥකම” නොව “නීතිඥකම” පවා නඩු කියා ගලවන බවයි.

තමන්ට පහර දෙන එකෙක්වත් ඉතුරු නොවන බවත් තමන්ගේ කේන්දරය ඇතැයිද පැවසූ ඔහු ඉදිරියේදී විජයදාස රාජපක්ෂටත් වන්නේ එයම බව ද සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More