දේශීය පුවත්

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන්නේ යැයි චෝදනා එල්ල කළ එවක ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

එම චෝදනාව සම්බන්ධයෙන් ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ක‍්‍රීඩා වැරදි සම්බන්ධ විශේෂ විමර්ශන ඒකකය සිදුකළ පරීක්‍ෂණ අවසන් කර තිබෙන්නේ ඒවා පාවා දීමක් සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බව දක්වමින් බවත් හෙතෙම කීවේය.

එසේ නම් එවක ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද මහතා හිතා මතා සාවද්‍ය චෝදනාවන් එල්ලකර ඇති බව කී විජිත හේරත් මහතා එමගින් සිදුවූයේ රටට ඉමහත් කීර්තියක් අත්කර දුන් විශිෂ්ට ක‍්‍රීඩකයන්ගේ චරිතයට කළු පැල්ලමක් එක්වීමක් පමණක් යැයිද කියා සිටියේය.

එම තරගය යම් හෙයකින් හෝ පාවාදීමක් සිදුව ඇත්නම් ඊට වගකිවයුතු වන්නේ එවක ක‍්‍රීඩා ඇමැති ලෙස ක‍්‍රියා කළ මහින්දානන්ද අලූත්ගමගේ මහතා බවත් එයින් ඔහුට ගැලවීමක් නොමැති බවත් හේරත් මහතා පැවැසීය.

වසර ගණනාවක් ගතව ඇති තත්ත්වයක් තුළ ඔහු මෙවැනි චෝදනාව එල්ල කළේ දේශපාලන අරමුණක් වෙනුවෙන් බවත් හෙතෙම ‘දිවයින’ට අදහස් දක්වමින් කියා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More