දේශීය පුවත්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිහිටා ඇති නඩු භාණ්ඩ ගබඩාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රා තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (03) පැවසීය.

සැකකාර පොලිස් නිලධාරීන් මෙම නඩු භාණ්ඩ ගබඩාවෙන්  පිටකර  වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති ද යන්න  සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්  මෙලෙස මුද්‍රා තබා  ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

දැනට සිදුකළ  පරීක්ෂණ අනුව   සැකකාර පොලිස් නිලධාරීන්  නඩු භාණ්ඩ ගබඩාවෙන්  පිටකර  ඇති බවට හෙළි වී නොමැති බවත්   තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන  පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ  අපක්ෂපාතීව හා විනිවිධභාවයෙන් යුතුව සිදුකිරීම සඳහා පොලිස්පතිවරයා විසින්  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා   අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද හෙතෙම  කියා සිටියේය.

මෙම සිද්ධියට  අදාල නිලධාරීන්ට වගවීමක් අතරම මෙම පරීක්ෂණ වලට  මෙම නිලධාරීන්ගේ  අල්ප හෝ බලපෑමක් ඇති විය හැකි බවට සැකකයක් ඇති නම් එම සැකය දුරුකිරීම සඳහා මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ  අද  (03) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මධ්‍ය හමුවකදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More