දේශීය පුවත්

මඩකලපුව, කලවන්චිකුඩි ප්‍රදේශයේ පසුගියදා පැවැති ජන හමුවකදී කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් මහතා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ ය.

මේ ප්‍රකාශයෙන් ඔහු පවසන්නේ දෙමළ ජාතික සන්ධානය පිළිබඳව ය.

‘‘ මේ දෙමළ ජාතික සන්ධානය හැදුවේ මම තමයි. සිවරාම් කියන පුවත්පත් මාධ්‍යවේදියෙක් ඇවිල්ලා මට යෝජනාවක් කෙරුවා අම්මාන් යුද්දේ සිදුවෙනවා යුද්ධය ගැන බාහිර ලෝකයට පෙන්වන්න ඕන කියලා. යුද්ධයේ සැබෑ තත්ත්වය, අහිමිවීම්, බලපෑම් පාර්ලිමේන්තුවේ ඇහෙන්න ඕනෑ. එතකොට මම ගිහිල්ලා නායකයාට කිව්වා මෙහෙමයි කියලා. එතකොටම එයා කිව්වා මම වෙඩි තියන්න කියපු හැමෝවම ඔයා ගෙන්වන්න හදනවා ද කියලා. තේරෙනවා නේද? ඒක තමයි අපි කරපු වැරැද්ද. එයා කිව්ව දේ අද කරලා තියෙන්නයි තිබු‍ණේ. ඊට පස්සේ එකතුවෙලා මේක කරන්නම ඕනෑ කියලා කිව්වා. හරි කියලා කැඳෙව්වා වන්නියට. කැඳවලා කතාකරලා ඉවරවුණාම නායකයා කිව්වා සම්බන්දන් මහත්තයා තමයි මේ කණ්ඩායමට, සන්ධානයට නායකයා කියලා. එතකොට හැමෝම හරියි කිව්වා. දැන් ටී.වී එකේ සම්බන්දන් මහත්තයා කොහොමද දෙන්නේ. කොටින්ටයි අපිටයි සම්බන්ධයක් නෑ. එයාගේ බුද්ධිය නරක්වෙලා. විශ්‍රාම යන වයසේ මොනවා කතා කරනවාද කියලාවත් දන්නෑ.දෙන්නෙක් අතින් අල්ලන් යන්න ඕනෑ ජන්දේ දාන්නත්. ඒ වගේ නායකයෙක් ඕනෑ ද අපිට.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More