දේශීය පුවත්

කිසිදු කොන්දේසියකින් තොරව MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බව එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුව යෝජනා කළ බව සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ආයතන මඟින් නිරික්ෂණ වාර්තා දෙකක් ලබා දී ඇති බව සොයා ගත් බව සඳහන් කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා, ඉන් එක වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්, එවකට සිටි නියෝජ්‍ය අමාත්‍යවරයාට දී ඇති බව කීය .

එම වාර්තාවට අනුව මෙය ක්‍රියාත්මක කිරිමේ දි ජාතික ආරක්ෂාව පිළිබඳ ව අධ්‍යයනය කළ යුතුය යන්න සඳහන් කර තිබූ බවද ඔහු කියා සිටියේ ය.

එසේම එවකට ජනාධිපතිවරයා යටතේ තිබු ජාතික ආර්ථික සභාව විසින් සකස් කළ වාර්තාවක් ජනාධිපතිවරයාට භාර දීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ නිර්දේශ ඇතිව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ ද සඳහන් වන්නේ පුළුල් අධ්‍යයනයකින් තොරව මෙම ගිවිසුම අත්සන් නොකළ යුතුය යන්න බව ඔහු කීය.

එසේ වුවද ඉහත නිරික්ෂණ වාර්තා දෙක ම සැලකිල්ලට නොගෙන තිබු බව මෙහිදි මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් සඳහන් කළේය.

“එසේම මෙම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරිමට යොදා ඇති ක්‍රමවේදය ශ්‍රි ලංකාවට පිළිගත හැක්කක් නොවෙයි .මෙහි මුදල් ගණුදෙනු කිරිමේ ක්‍රමවේදය ලංකාවේ සාමාන්‍ය විදේශ ගණුදෙණු සිදුකරන ක්‍රමවේදයට පටහැනියි”.

එසේම මෙම වාර්තාව ඇතුළේ ඇති විවිධ කොන්දේසි ඇති බවත් එම කොන්දේසි තුළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනි, රටේ නීතිමය පද්ධතියට පටහැනි මෙන්ම එම ගිවිසුමේ අඩංගු නීති පාර්ලිමේන්තු පනතකින් රටේ නීති බවට සකස් විය යුතු බවට ද එහි ඇතුළත් කර තිබෙන බව ද මහාචාර්ය ගුණරුවන් කියා සිටියේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More