පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
එම කාර්යංශයේ අධ්‍යක්ෂධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතා ස්ථාන මාරුකිරීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
පසුගියදා සිදුකළ වැටලීම්වලදී සොයාගනු ලැබූ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ සිද්ධියට අදාළව මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම නව පත්වීමසිදු කර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සුදුස්සෙකු අනුයුක්ත කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් සිදු කර ඇති අතර ඒ සඳහා මෙම නව පත්වීම සිදු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...