රාජ්‍ය දේපළ භාවිත කරමින් සහ ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වීම හරහා මැතිවරණයෙන් තේරී පත්වීමෙන් පසුව වුවද අපේක්ෂකයින්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමේ අවදානමක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද පැවසීය.
“ආගමික ස්ථානවල හා පූජනීය ස්ථානවල පැවැත්වෙන උත්සවවලදී පක්ෂ අපේක්ෂක කණ්ඩායම් ප්‍රවර්ධනය 1981 අංක 1 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වැනි වගන්තිය යටතේ බරපතළ වරදක්. අපි තදින්ම අපේක්ෂකයින්ට අවවාද කරනවා, මේ දේ කළොත් ජයග්‍රහණය කළද මන්ත්‍රී ධූරය අහෝසි විය හැකියි. හිටපු නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුට තවමත් රජයේ වාහන ඇති බවට පැමිණිලි ලැබුණා. රාජ්‍ය දේපළ අයුතු පරිහරණයෙන් වළකින්න. එයද බරපතළ මැතිවරණ දූෂණයක්.”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...