දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාතය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අතර යම් උණුසුම් අදහස් හුවමාරුවක් සිදුවී තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී අද (28) දින පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම අදහස් හුවමාරුව සිදුවී ඇත.

ප්‍රථමයෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් තිලංග සුමතිපාල නියෝජ්‍ය කථානායකවරයාට දොස් පවරමින් ප්‍රකාහ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවීමට සහභාගීවිම අනුමත කළ නොහැකි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී එස්. බී. දිසානායක අමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාවට පක්ෂපාතීව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා විවේචනය කළ බවත් එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකධුරය දරණ තිලංග සුමතිපාල මහතා සහබාගීවීම නියෝජ්‍ය කථානායකධුරයේ ගෞරවය කෙළසීමක් බවත් ලක්ෂ්මන් කිරිඇල්ලඅමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන බව වාර්තාවේ.

අග්‍රාමත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වී තිබෙන අවස්ථාවක නියෝජ්‍ය කථානායකවරයා මීට වඩා වගකීමෙන් ක්‍රියාකළයුතු බවද ලක්ෂ්මන් කිරඇල්ල අමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබෙන බව වාර්තාවේ.

මීට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කර තිබෙන්නේ තමා නියෝජ්‍ය කථානායක පුටුවේ සිටින විට එම රාජකාරිය නිසි පරිදි ඉටුකර තිබෙන අතර මෙම චෝදනාව පිළිනොගන්නා බවයි. තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙකු බවත් එම නිසා පක්ෂයේ රැස්වීම්වලට තමා සහභාගී වන බවත් එය මේ අවස්ථාවේදී පටලවා නොගතයුතු බවත් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ප්‍රකාහ කර තිබෙන බව වාර්තා වේ.

මේ අවස්ථාවේදී මේ පිළිබදව කතානොකර ඒ ගැන වෙනම කතාකිරීමට තමා සුදානම් බවද තිලංග සුමතිපාල නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාහ කර තිබෙන බව දැනගන්නට තිබේ.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාහ කළේ එවැනි තනතුරු දැරුවත් තමන් නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂයේ කටයුතුවලටද සහභාගීවීමට සිදුවන බවයි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස කටයුතු කරන සෙල්වම් අඩෙයිකලනාදන් මහතාටද උතුරේ ඔවුන්ගේ පක්ෂය විසින් පවත්වනු ලබන රැස්වීම්වලට සහභාගීවීමට සිදුවන බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

මීට අමතරව අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන ජනතා නියෝජිතයින් සිවුදෙනෙකු අත්සන් කර තිබෙන්නේ කුමන සම්ප්‍රදායකටද කියා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කර ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More