දේශීය පුවත්

ආනයනික පළතුරු, අර්තාපල් මෙන්ම මෙරට නිෂ්පාදිත එළවළු හා පලතුරුවල අසීමාන්තික බැර ලෝහ අන්තර්ගතය සම්බන්ධයෙන් පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් සකස් කරන ලද වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශය කිසිදු ප්‍රයෝජනයකට ගැනීමකින් තොරව වසර තුනක් තිස්සේ ඉවතට දමා තිබේ.

ආනයනය කරන අර්තාපල් හා ඇපල්වල කැඩ්මියම් ආරක්ෂිත සීමාව ඉක්මවා අන්තර්ගත බව එම වාර්තාව අනාවරණය කර ඇත. එමෙන්ම බිබිල, අම්පාර හා නුවරඑළිය වන ප්‍රදේශවලින් ලබා ගත් දොඩම්වල ඊයම් සාන්ද්‍රණය ඉතා ඉහළ අගයක් ගත් බවද යාපනයෙන් ලබා ගත් රතු ලූනුවල අන්තර්ගත ඊයම් හා කැඩ්මියම් සාන්ද්‍රණ ඉතා ඉහළ අගයක් ගත් බවත් එහි සඳහන් වේ. තවද නුවරඑළිය වෙළෙඳපොළෙන් ලබා ගත් ඇපල්, දොඩම් හා අර්තාපල්වල ද ආසනික්, ඊයම් හා කැඩ්මියම් සාන්ද්‍රණ ඉතා ඉහළ අගයක් ගන්නා බවත් මෙම විද්‍යාත්මක පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ.

මෙම පරීක්ෂණය අනුව ආනයනික අර්තාපල්වල කැඩ්මියම් සියයට 0.6කට හා මෙරට අර්තාපල්වල සියයට 0.2කට අධික ප්‍රමාණයක් ද යාපනයේ රතු ලූනුවල ඊයම් සියයට 0.15කට අධික ප්‍රමාණයක්ද අන්තර්ගත බව අනාවරණය වී ඇත. ඇපල්වල අන්තර්ගත ආසනික් ප්‍රමාණය සියයට 0.05 ඉක්මන බවත් කැඩ්මියිම් ප්‍රමාණය සියයට 0.1 ඉක්ම වන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව එළවළු හා පලතුරුවල මෙම සාන්ද්‍රනයන් අන්තර්ගත විය යුත්තේ කිලෝවකට සියයට 0.05ක් පමණි.

බැර ලෝහ මෙතරම් අන්තර්ත වීමට හේතුව පෙර හා පසු අස්වනු අවදියේ දී රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම යැයි ද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

මෙම විද්‍යාත්මක විශ්ලේෂණය සිදු කිරීම සඳහා පාරිභෝගික ද්‍රව්‍ය නියැදි පන්සියයක් දේශීය ගොවීන්ගෙන් හා වෙළෙඳපොළෙන් ද ආනයනික නියැදි ඔරුගොඩවත්ත රේගු බහලුම් අංගනයෙන් ද ලබාගෙන තිබිණි.

2017 වසරේ දී මෙම විශ්ලේෂණය කළ නමුත් අදටත් එම ප්‍රතිඵල වලංගු යැයි පසු අස්වනු කළමනාකරණ ආයතනය ප්‍රකාශ කරයි. මෙම වාර්තාවේ අන්තර්ගත කරුණු පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන නැතැයි ද එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More