දේශීය පුවත්

කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පවුල් 29 කට අයත් පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ජින්තුපිටිය ප්‍රදේශයෙන් අද වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගියාගේ නිවස පිහිටි 123 වත්ත ප්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙලෙස නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරීමට යුධ හමුදාව සමග එක්ව කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ දිසා අංක 02 A සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේය.

අද දිනයේදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ ඉකුත් ජුනි මස 08 වෙනිදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නෞකාවල මුහුදු ආරක්ෂකයෙක් ලෙස සේවය කළ පුද්ගලයෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට ඔහු ඉකුත් ජුනි මස 26 වෙනිදා ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ එහිදී දින 14ක නිවෙස් නිරෝධායනය ක්‍රියාවලියකට ලක්වෙමින් සිට තිබේ.

මෙම පුද්ගලයා සමග නිරෝධායන කඳවුරේ සිටි තවත් පුද්ගලයෙකුට පෙරේදා දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම පුද්ගලයා සමග සිටි ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි මෙම පුද්ගලයාගේ PCR පරීක්ෂණයක් අද දිනයේදී සිදුකළ බවත් එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.

ඊයේ දිනයේදී කොරෝනා ආසාදනය වූ පුද්ගලයාගේ නිවසේ ඔහුත් සමග පවුලේ සාමාජිකයින් 11 දෙනෙකු සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

neth news



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More