ඉන්දියාවේ සිට මෙරටට පැමිණ කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දින 14ක නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිටියදී නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වූ පුද්ගලයාට සමාජය තුලින් වෛරසය බෝවීමක් සිදුව නොමැති බවසෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙම පුද්ගලයා නෞකාවක සේවය කරන පුද්ගලයෙකු වන අතර ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දින 14 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිට පසුව නිවෙස් වෙත නිරෝධායනය වෙත යොමු කොට තිබේ. ඒ PCR පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුවය.
දින 14 ක කාලයක් නිවාස නිරෝධායනයේ සිටියදී ඔහුගේ සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...