දේශීය පුවත්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ රටේ පොදු නීතියට පටහැනි ජාතික ආරක්‍ෂාවට මෙන්ම ජාතියේ පැවැත්මට හානිකර කිසිම ගිවිසුමකට වත්මන් රජය අත්සන් නොතබන බව සම කැබිනට් ප‍්‍රකාශක උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් පෙරේදා (01 වැනිදා) රැස්වූ ඇමැති මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහිදී එම ගිවිසුම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ප‍්‍රධාන කමිටුව මගින් සකස් කළ වාර්තාව සෑම ඇමැතිවරයකුටම ලබාදුන් ජනාධිපතිවරයා එම්සීසී ගිවිසුම පිළිබ`ද මීළ`ග ඇමැති මණ්ඩල රැුස්වීමේදී තම තමන්ගේ මතය ප‍්‍රකාශ කරන ලෙස දැනුම් දුන් බවද බන්දුල ගුණවර්ධන මහතා ස`දහන් කළේය.

ඒ අනුව ලබන සතියේ පැවත්වෙන මීළ`ග කැබිනට් මණ්ඩල රැුස්වීමේදී ඇමැතිවරුන් එම්සීසී ගිවිසුම පිළිබඳ තම තමන්ගේ මතය ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒ පිළිබ`ද අවසන් තීරණය ගනු ලබන බවද ඇමැතිවරයා පැවසීය.

ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීම ස`දහා ඊයේ (02 වැනිදා) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විදේශ රාජ්‍යය කුමක් වුවත් ව්‍යවස්ථාවට පටහැනි, ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන රටට හානිකර ගිවිසුම්වලට එළඹීම වත්මන් රජයේ අරමුණ නොවන බවද අවධාරණය කළේය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More