දේශීය පුවත්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 2015 වසරේදී ඇවන් ගාඩ් සමාගමෙන් ලබාගත් බව කියන රුපියල් ලක්ෂ 200 කට අදාළ චෙක් පත් පිළිබඳ තොරතුරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (02්‍) මාධ්‍යට අනාවරණ කළේය.

ඒ ඇවන්ට්ගාඩ් සමාගමෙන් තමන් මුදල් ලබා ගත් බවට එල්ල කරන චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස රාජිත සේනාරත්න මහතා පසුගියදා ඒ මහතා වෙත කර තිබූ අභියෝගයට ප්‍රතිචාර දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“ඇවන්ට්ගාඩ් සමාගමෙන් රාජිත ගත්ත මුදල් ලක්ෂ 200 ක කප්පම් ගත්ත එක ඔප්පු කරන්න කිව්වා. ඒ ව්‍යාපාරිකයා මට කිව්වාම මම සාක්ෂි ඉල්ලුවා. 2015 වසරේ ලැබුණ ලේඛන 2015-08-11 ගත්ත ලක්ෂ 50 ක චෙක්පත. චෙක්පත මුදල් කරගත් බැංකු වාර්තාව 2015-06-14 තවත් ලක්ෂ 50 ක චෙක්පතක්. බැංකුවෙන් මුදල් කරගෙන 2015-07-08 තවත් චෙක්පතක් අරගෙන මේවාට ඇවන්ට්ගාඩ් සමාගමේ INVOICE තියෙනවා. වෛද්‍ය සයුර අත්සන් කරලා භාර අරගෙන ඖෂධ නීතිගත සංස්ථාවේ එවක සිටි සභාපති රාජිතට හිතවත් වෛද්‍යවරයෙක් අනිත් ලක්ෂ 50 මුදල්වලින් දීලා. ඔන්න මම ඔප්පු කළා“

ප්‍රශ්නය – කප්පම් ගත්ත කෙනෙකුට මොකක්ද නීතියෙන් ලැබෙන දඬුවම?

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා – වසර 2 සිට වසර 10 දක්වා සිරදඬුවම්

ප්‍රශ්නය – ඇයි ඔබතුමා 2015දී ලැබුණු ලියකියවිලි, මේ වගේ තොරතුරු මෙතෙක් කල් හෙළි කරන්නේ නැතුව හිටියේ?

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා – මම හිටියේ අධිකරණ ඇමති. අධිකරණ ඇමතිට පැමිණිලි කරන්නේ නෑ. ජනතාව යන්නේ පොලිසියට. පොලිසිය තිබුණේ අරලියගහ මන්දිරයේ. මෙතන තිබුණේ දේශපාලන ව්‍යාපෘතියක්. ගෝඨාභය මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ චෝදනාවක් කරනවා ඔබතුමාට, ජනතා විමුක්ති පෙරමුණට සල්ලි දුන්නේ ඔබතුමා නෙමෙයි, ඔබතුමා වෙන ව්‍යාපාරිකයෙක් ඔවුන්ට හඳුන්වා දුන්නා කියලා ඒ හඳුන්වා දුන්න කෙනා මෙයාද?

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා – අනුර කුමාරගෙන් හා සුනිල් හඳුන්නෙත්තිගෙන් අහන්න. කාගේ අතින්ද සල්ලි ගත්තේ කියලා

ප්‍රශ්නය – එතකොට ව්‍යාපාරිකයෙක්ව?

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා – මට දීපු මුදල්. මම කිව්වා මගේ ව්‍යාපාරයට මුදල් අවශ්‍ය නෑ. ජ.වි.පෙ. අය පෝස්ටරයක්වත් ගන්න සල්ලි නෑ කිව්වා. මගේ මිතුරෙක් මට ලක්ෂ 25 ක් දුන්නා. මම කිව්වා මට එපා කියලා. මගේ අතින් තමයි සල්ලි ටික දුන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More