දේශීය පුවත්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු වූ මහේල ජයවර්ධන මහතා හෙට (03 වැනිදා) කැඳවීමට ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය තීරණය කර තිබේ.

මහේල 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආසන්නතම හිටපු නායකයා වේ.

ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පැවසුවේ හෙට පෙරවරු 9.00 ට සිය ඒකකයට මහේල පැමිණීමට නියමිත බවයි.

මේ අතර සංගක්කාර මහතා අද (02) පෙරවරු 9.00 ට පමණ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර පස්වරු 6.20 පිටව ගියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More