දේශීය පුවත්

උපකාරක පන්ති ව්‍යාපාරිකයන්ගේ අදහස් මත ඔවුන් සමග සාකච්ඡා කර ජාතික විභාගවල දින තීරණය කිරීමට එකඟතාවකට පැමිණීම ජාතික විභාගවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුකරන බව ගුරු-විදුහල්පති වෘත්තීය සංගමය පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් තනතුර ස්වාධීන තනතුරක් යැයිද එවැනි නිලධාරියකු උපකාරක පන්ති ව්‍යාපාරිකයන්ගේ සාකච්ඡාවට කැඳවීම සහ ඔහු එම සාකච්ඡාවට සහභාගි වීම මෙන්ම ඔවුන් සමග තීන්දු තීරණ ගැනීම එම ධුරය බරපතළ ලෙස හෑල්ලුවට ලක් කිරීමක් යැයිද එම වෘත්තීය එකමුතුව සඳහන් කරයි.

උපකාරක පන්ති ව්‍යාපාරිකයන් හා ජනාධිපතිවරයා අතර පසුගිය 29 වැනි දින පැවති සාකච්ඡාවට අදාළව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන එම සංගමය එහි මෙසේද සඳහන් කර තිබේ.

‘මුදල් ඉපැයීම එකම පරමාර්ථය කරගත් උපකාරක පන්ති මාෆියාව සමස්ත පාසල් අධ්‍යාපනයටම බරපතළ හානියක් අත්කර දී ඇති අතර පසුගිය කාලයේ අවස්ථා කීපයකදීම ජාතික විභාගවල බරපතළ වංචා සිදුවූයේ උපකාර පන්ති ව්‍යාපාරිකයන්ගේ තරගකාරීත්වය හා ව්‍යාපාරික අරමුණු නිසාය.

ජනාධිපතිවරයා සිය බලය භාවිත කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වැඩබලන පොලිස්පති, අධ්‍යාපන ඇමැති, අධ්‍යාපන ලේකම් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි කරවීම මගින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම නිලධාරීන් දඩමීමා කරගෙන ඇති බවයි. එසේම මෙය නිදහස් අධ්‍යාපනයේ ස්වාධීනත්වයටද බරපතළ අතපෙවීමක් බව පෙන්වා දෙමු.

කොවිඩ්-19 වසංගත තත්ත්වය මත කල්දැමුණු උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ අධ්‍යාපනඥයන්, පාසල් පද්ධතියේ විදුහල්පතිවරු සහ ගුරුවරු සමගය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More