එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලලිතසිරි ගුණරුවන් වාර්තාව සම්බන්ධයෙන් සතියක් ඇතුළත සිය අදහස් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඊයේ (1) දැනුම් දී තිබේ.
අද (2) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.
රටේ පවතින නීතියට හෝ ජාතික ආරක්ෂාවට අහිතකර වන කිසිදු ගිවිසුමකට එළඹීමට ලංකා ආණ්ඩුව කටයුතු නොකරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
ඔහු පවසන්නේ ඇතැම් පාර්ශව මේ සම්බන්ධයෙන් සාවද්‍ය මත පතුරුවමින් සිටින බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...