වත්මන් රජයෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යයේ ඉදිරි දැක්මෙහි දක්ෂිණ අධිවේගී මාර්ගය කහතුඩුව – ඉංගිරිය – රත්නපුර – පැල්මඬුල්ල සිට සම්බන්ධ කරමින් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදි කිරීමට යෝජනා කර ඇත.
එම ව්‍යාපෘතිය විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත් එය දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම මඟින් රටට වඩාත් හිතකර ප්‍රතිඵල අත්කර ගත හැකි බව පෙනී ගොස් ඇති බව රජය පවසයි.
ඒ අනුව දේශීය බැංකු මඟින් සලසා ගනු ලබන අරමුදල් භාවිත කරමින් දේශීය ඉදිකිරීම් සමාගම්වල සේවය ලබාගනිමින් එකී අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...