දේශීය පුවත්

වරාය සේවකයෝ  අරඹා තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නවත්වා ඇතැයි  වෘත්තීය සමිති එකමුතුව කියයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් හේතුවෙන් තාවකාලිකව වැඩ වර්ජනය නැවැත්වීමට පියවර ගෙන තිබේ.

චීනයෙන් ගෙන් වු ගැන්ට්‍රි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වෘත්තීය සමිති 23කට අයත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.

===============================================================

වරාය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි

 

කොළඹ වරාය සේවකයින් අද (02) දහවල් සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

සියලු වෘත්තීය සමිති රැස් වී ගත් තීන්දුවකට අනුව වැඩවර්ජනය ආරම්භ කළ බව වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේය.

චීනයෙන් ගෙන් වු දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට විරෝධය පළ කරමින් වරාය වෘත්තිය සමිති ක්‍රියාකාරීන් තිදෙනෙකු දොඹකරයකට නැග ඊයේ (01) දිනයේ ආරම්භ කළ උපවාසයට සහය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇති බව සදහන්ය.

අදාළ දොඹකර වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට බලධාරින් එකඟතාව පළ කරන තුරු වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More