දේශීය පුවත්

අද (02) අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි සමඟ තවත් උපරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර, අත්බෝම්බ 4ක්, පිස්තෝලයක්, ඩෙටනේටර් 2ක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, රිපිටර් උණ්ඩ 10ක්, අත් විලංගු ජෝඩුවක්, එයාර් රයිෆල් අවියක් එම උණ්ඩ 600ක් සහ ඩී.වී.ඩී.ප්ලේයර් 3ක් සොයා ගෙන තිබේ.

2020.06.29 වන දින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ ඊයේ (01) හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හා සැකකාරිය මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත.

එහිදී අනාවරණය වු කරුණු මත එම නිලධාරීන් විසින් ඊයේ රාත්‍රීයේ අතුරුගිරිය ප්‍රදේශයේ දී තවත් සැකකරුවෙකු ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු වයස අවුරුදු 38ක් වු හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අද අළුයම මෙම වැටලීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More