දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තම සහෝදරයා ජනතාවට සේවය කිරීමට දේශපාලනයට යොමු කළ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසයි.

මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් දේශපාලනයට අකමැති වුවත් වැඩ කරන නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව තම සහෝදරයා මැතිවරණයට ඉදිරිපත් කරන බවද මුත්තයියා මෙහිදී තවදුරටත් සඳහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කරන මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතාගේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක් වෙමිණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතා මැතිවරණයට ඉදිරිපත්ව සිටී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුත්තයි මුරලිදරන් මහතා පවසා සිටියේ, තමාට දේශපාලනය නොතේරෙන බවය.

තමා ක්‍රීඩකයෙක් වශයෙන් මිනිසුන්ට උදව් කිරීමට බොහෝ සෙයින් ප්‍රිය කරන බව ද පැවසු මුරලිදරන් තමාට හෝ සහෝදරයාට කිසි දිනක මුදල් වැදගත් නොවන බවත් අවශ්‍ය වන්නේ, මහජනතාවට උදව් කිරීම පමණක් බවද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More