දේශීය පුවත්

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම සහ විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ‘ජනාධිපති සමාව’ ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් පහක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර ඇත.

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, උතුරු මැසඩෝනියාවා සහ මොන්ටිනිග්‍රෝව යන රටවල් පහේ කණ්ඩායම පසුගිය 30 වැනිදා මෙලෙස සිය චෝදනා ගොනු කර ඇත්තේ මනාව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසිවාරයට සහභාගි වෙමිනි .

‘මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව කොවිඩ් 19 සමග පොරබඳිමින් සිටින අතර සිද්ධි සංඛ්‍යාව කලාපයේ සාමාන්‍ය අගයට වඩා අඩුමට්ටමක පවත්වාගෙන යනු ලබයි. කෙසේ වෙතත් මහකොමසාරිස්වරිය ප්‍රකාශ කළ ආකාරයට වසංගතය මැඬපැවැත්වීම සඳහා මානව හිමිකම් කඩවන අසාමාන්‍ය ක්‍රියාමාර්ග නොගත යුතුය.’ යනුවෙන් මෙම රටවල් පහේ කණ්ඩායම සිය ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් කර තිබේ. සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම සහ යුද සමයේ මනාව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ල වූ නිලධාරීන්ට උසස් වීම් ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකාවට චෝදනා කර ඇත. එසේම නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති නමුත් මෙතෙක් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර නොමැති බවද රටේ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරිකරණයට ලක්කරමින් සිටින බවද ඔවුන් ශ්‍රී ලංකාවට වැඩිදුරටත් චෝදනා එල්ල කර තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More