දේශීය පුවත්

මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින් කිසිවෙකුත් දේශපාලන වැඩ නොකළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිතා නොකරන ලෙසත් රාජ්‍ය සේවකයින්ට දේශපාලනය නොකරන ලෙසත් තරයේ උපදෙස් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් සියලු ආණ්ඩුකාරවරුන් අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් සංස්ථා මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ සෙසු අංශ ප්‍රධානීන් වෙත ඊයේ (01) දිනයේ ලිඛිතව දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සියලු රාජ්‍ය සේවකයින් අදාළ උපදෙස් පිළිපදින බවට වග බලාගන්නා ලෙස ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More