පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ කුඩු ජාවාරමේ ප‍්‍රධානියකු බව කියන පොලිස් පරීක්‍ෂකවරයා රටින් පලා යෑම වැළැක්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරියාට එරෙහිව අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබා ගෙන ඇත.
මෙම සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා හොර රහසේම රටින් පලා යෑමට උත්සාහ කරන බවට ලැබුණු තොරතුරුක් මත මෙම විදේශ ගමන් තහනම් නියෝගය ලබා ගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මේ අතර සැකකාර නිලධාරියා සැඟවී සිටින බවට සැකකරන ස්ථාන රැුසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින කීපය තිස්සේ පරීක්‍ෂා කළ ද එම සැකකරු අදාළ ස්ථාන මඟ හැර ගොස් සිටි බව වාර්තා වෙයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පෙලිස් පරීක්‍ෂකවරයා සමඟ එක්ව රුපියල් කෝටි සියයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් ලබාගෙන අලෙවි කර ඇත්තේ මෙම සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා බව විමර්ශනවලින් හෙළි වී ඇත.
මේ වනවිට මෙම ජාවාරමට සම්බන්ධ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු නිලධාරීහු සිව්දෙනකු අත්අඩංගුවට පත්ව සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...