මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ප්‍රමාණය අඩුකිරීම සඳහා මැතිවරණ කොමිසම බටහිර තානාපති කාර්යාලවල කොන්ත්‍රාත්තුවක් අරගෙන ක්‍රියාකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පවසයි.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (1 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට අසූවක් පොහොට්ටුවට ලබා දුන්නද ඡන්දය ප්‍රකාශ කිරීම අවම වීම තුළ බහුතරයක් ඡන්දය ප්‍රකාශය කර නොමැත.’ යන පාඨය ඔවුන්ට ඉදිරියට ගෙන යා හැකි බව ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,
ඉතිහාසයේ පළමු වරට මැතිවරණ කාර්යාලයක අපේක්ෂකගේ අංකය ගහන්නත් බෑ. මුහුණ දාන්නත් බෑ. කොරෝනා නිසා ජනරැලිත් නෑ. මේ නිසා ජනතාවගේ ඡන්දය සඳහා ඇති උද්‍යොගය අඩුකරනවා. එහි ගරු කටයුතු රඟපෑම කරන්නේ මහින්ද දේශප්‍රිය ඇතුළු මැතිවරණ කොමිසමේ පිරිස. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අන් කවරදාකටවත් වඩා ඡන්දය ප්‍රකාශ කරන්න ඡන්ද පොළට යන්න කියලා’ යනුවෙන්ද පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...