දේශීය පුවත්

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ එම්. සී. සී. ගිවිසුම ජනතාව ඉදිරියේ ඉරා විසිකරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (29 වැනිදා) උතුරු කොළඹ ප්‍රදේශයේ පැවැති ජනහමු අමතමින් පැවසීය.

එහිදී තවදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස එහිදී මෙසේද කීය.

‘‘මේ ආණ්ඩුව ප්‍රෝඩාව රජකරවන ආණ්ඩුවක්. මැතිවරණයට කලින් මහා බිල්ලෙක් ලෙස පෙන්වූ එම්.සී.සී ගිවිසුම දැන් හොඳ වෙලා. ජනාධිපතිවරණය වෙලාවේ කිව්වෙ මේ ගිවිසුම කෑලි වලට ඉරලා විසි කරනවා කියලයි. නමුත් අද ගිවිසුම ගැන කරුණාවක් පහළවෙලා .

අපිට මතකයි ඒ දවස් වල හැට නව ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ එම්.සී.සී. ගිවිසුමට විරුද්ධව. මැතිවරණය දවස්වල කිව්වා එම්.සී.සී. ආවොත් කොරිඩෝවක් හැදෙනවා කියලා. එහෙම කියලා ඡන්දය අරගෙන ජනාධිපතිවරණයෙන් දිනුවා. දැන් මාස හතක් වෙනවා. එදා යක්ෂයා වෙච්චි එම්.සී.සී. ගිවිසුම නැවත සලකා බලන්නත් කමිටු හදලා. මොකක්ද මේ විහිළුව. ජනතාවගේ බුද්ධිය එක්ක කරන සෙල්ලම මොකක්ද?. ඉරලා විසි කරනවා කිව්ව ගිවිසුමක් සලකා බලන්න යන එකේ තේරුම මොකක්ද?. ඒ දවස්වල අපේ ආණ්ඩුවට කිව්වේ සුද්දෝ ළඟ දණ ගහනවා කියලා. දැන් බලන්න, කොරෝනා ව්‍යසනයෙන් අසරණ වෙච්ච ජනතාවට මුදල් බෙදපු හැටි. ලෝකයේ හැම රටක්ම තමන්ගෙ ජනතාව වෙනුවෙන් සහන ලබාදෙනවා. නමුත් අපේ රටේ ආණ්ඩුව පවුලකට ලබා දෙන වටිනාකම රුපියල් 5000යි. අපි කියනවා ඒක දුන්නෙත් අපි කරපු සටන නිසා.

ආණ්ඩුව හැම වැඩක්ම අසමත්. සහල් මාෆියාව ඉදිරියේ දණ ගැහුවා. ලීසිං පහසුකම් ඉල්ලලා සටන් කරපු සුනිල්ව ඝාතනය කරනකම් බලාගෙන හිටියා. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා හිස් ව්‍යාපෘති කෙරුවා. එක දවසෙන් මිලියන ගණනක් මුහුදට ගහගෙන ගියා. ව්‍යසනයන් මැද ක්‍රීඩාංගණ හදන්න ව්‍යාපෘති ගෙනාවා. සීනි සැමන් අඩුවට දෙනවා කියලා බදු පිට බදු ගැහුවා. ඉතින් මේක වැඩ කරන ආණ්ඩුවක් ද?.

ඒ නිසා මේ වැඩ බැරි අසාර්ථක ආණ්ඩුව ගෙදර යවමු. අපි හදන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සැප ගන්න බෑ. ජනතාව වෙනුවෙන් දෙන සියලු පොරොන්දු ඉටු කරන්න කැපවෙන ආණ්ඩුවක් තමයි අපි නිර්මාණය කරන්නේ’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More