අද (01) දහවල් ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ සංගමයේ සේවකයින් තිදෙනෙක් කොළඹ වරාය පරිශ්‍රයේ, ගැන්ටි දොඹකරයකට නැඟී විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ඉකුත් ජූනි මස 20 වන දින චීනයෙන් ගෙන් වු ගැන්ටි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.
අද දහවල් 12 ට පමණ වෘත්තීය සමිති ක්‍රියාකරුවන් 3 දෙනෙක් මීටර 50ක් උසැති ගැන්ටි දොඹකරයකට නැඟී මෙලෙස විරෝධය දක්වා තිබේ.
කොළඹ වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා මාධ්‍ය හමුවක් පවසමින් කියා සිටියේ, මෙම ගැන්ටි දොඹකර නවතා ඇති නැවට එක් දිනකට රුපියල් ලක්ෂ 94ක මුදලක් ගෙවිය යුතු බවය.
දින 10 ක් පුරා මෙලෙස නැව තුළ දොඹකර තිබීම හේතුවෙන් මහජන මුදල් අපතේ යන බවද ඒ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...