දේශීය පුවත්

හම්බන්තොට මහ රෝහල තුළ ස්ථාපිත කර ඇති “කොරෝනා ප්‍රතිකාර ඒකකය”ට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි සියලුදෙනා අද (01) වනවිට රෝහලින් පිටව ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසයි.

මෙරට කොරෝනා රෝගීන් ගණන වැඩිවීමත් සමඟම පසුගිය මැයි 28 වනදා හම්බන්තොට පැරණි රෝහල තුළ කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ විශේෂ ඒකකයක් ස්ථාපිත කරන ලදි.

කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමල නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් 108 දෙනෙකු ඇතුළු තවත් පිරිසක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු මෙම ඒකකයට ඇතුළත් කෙරිණි.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් විටින් විට සුව වී රෝහලින් පිටව ගොස් ඇති අතර ඉතිරිව සිටි රෝගීන් 67 දෙනා අද (01) පිටත්කරවීමට හැකි වූ බවත් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ඒකකය භාර කායික රෝග විශේෂඥ වෛද්‍ය සුදිර ප්‍රභාත් ප්‍රනාන්දු මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More